Wednesday, April 24, 2024
Follow Us

රටක් වශයෙන් ඉතිහාසය දෙස ආපසු හැරී බැලීමේ දී ජයග්‍රහණ මෙන්ම පරාජයන් රැසක්‌ ද ලබා තිබෙන බවත් නමුත් මේ වන විට අප මුහුණ දෙන්නේ ලංකා ඉතිහාසයේ කිසිම දිනක අප මුහුණ නොදුන් තත්වයක බවත් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.


ඌව පළාතේ නව බස්රථ බෙදාදීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් සඳහන් කෙළ්ය.

අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය.

"රටක් වශයෙන් දැරිය නොහැකිය ණය කන්දක් අප උරුම කරගෙන තිබෙනවා. ලබාගත් මේ ණය ආපසු නොගෙවන තාක් කල් කවුරුන් විසින් ආණ්ඩුව ගෙන ගියත්, කුමන දේශපාලන වෙනස්කම් සිදුකළත් රට වශයෙන් තවත් අගලක් හෝ ඉදිරියට යන්නට බැහැ. මෙහි සැබෑ තත්ත්වය පිළිබඳව කිසිදු අවබෝධයකින් තොරව, ආණ්ඩුව ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ බිල්ලෙකු මවා ඇති බව විපක්ෂ නායකවරයා පුවත්පත්වලට ප්‍රකාශ කර තිබෙනවා. යම්කිසි අවාසනාවකට හෝ එතුමා රාජ්‍ය නායකත්වයට පත් වුවහොත් කිසිදු ජාත්‍යන්තර ණය මුදලක් නොගෙවා සිටීමට එතුමාට හැකියාවක් තිබෙනවාද?
මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව එකඟතාවයට පැමිණ තිබෙන අතර එළඹෙන සැප්තැම්බර් මාසය වන විට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු නිම වුවහොත් දැනට නතර වී ඇති සංවර්ධන කටයුතු නැවත ආරම්භ කිරීමේ හැකියාව අපට ඇතිවනවා. දේශපාලන බොරු වලින් තොරව රට පවත්වාගෙන යාම සඳහා නිශ්චිත ක්‍රමවේදයක් තිබිය යුතුයි. මේ ඇත්ත ගම් නගර වෙනසකින් තොරව සියලු දෙනාටම කියාදිය යුතුයි. අවිහිංසක, නිරායුධ මිනිසුන් මරා ගෙවල් දේපල ගිනි තැබීමෙන් මේ ප්‍රශ්න විසඳන්නට බැහැ."