Sunday, April 28, 2024
Follow Us
ගෝඨාගේ පුරවැසිභාවය අභියෝගයට ලක් කළ පෙත්සමේ සම්පූර්ණ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට සූදානම්

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය අභියෝගයට ලක්කරමින් ගොනු කළ රිට් පෙත්සමේ සම්පූර්ණ තීන්දුව හෙට (15) දින අභියාචනාධිකරණය විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

මෙම පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය පසුගිය ඔක්තෝබර් මස 4 වැනිදා නියෝග කළ අතර එලෙස පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට බලපෑ හේතු පසුව ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කරන ලදි.

ඒ අනුව මෙම පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට බලපෑ හේතු ඇතුළත් සම්පූර්ණ තීන්දුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් හෙට දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

මෙම පෙත්සම සිවිල් සමාජ ක්‍රියාකාරීන් වන මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ යන අය විසින් ගොනු කර තිබුණා.

(Neth)