Sunday, April 28, 2024
Follow Us
මට ඡන්දය දෙනවා නම් මට විතරයි. දෙවනි මනාප බෑ ! - අනුර

ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයට ඡන්දය ලබාදෙන ඡන්දදායකයින් එයට පමණක් ඡන්දය භාවිතා කළ යුතු බවත් දෙවැනි තුන්වැනි මනාප සටහන් කිරීමක් සිදු නොකළ යුතු බවත් එම පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.

"ජාතික ජන බලවේගය ලෙස අපි ඉන්න ස්ථාවරය තමයි අපට ඡන්දෙ දෙන කෙනා ජාතික ජන බලවේගයට පමණක් ඡන්දය දිය යුතුයි. දෙක තුන මනාප සටහන් නොකළ යුතුයි. මැතිවරණ පනතෙන්ම ලබාදීලා තියෙනවා මනාප තුනක් ලබාදීමේ අයිතිය. ඒ අයිතිය කවුරු හරි පාවිච්චි කරනවා නම් ඒකට අපට විරෝධය දක්වන්න බෑ. ඇත්තටම එස්.බී.ට පුළුවන්නෙ ගෝඨාභයට එක ගහලා සජිත්ට දෙක ගහන්න. ඒක සාධාරණයි, එහෙම ගහන්නෙ නැත්තං කැතයි ඇත්තටම.

2014 හිටපු ආණ්ඩුවේ ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු, මන්ත්‍රීවරු 53ක් රනිල්ගෙ ආණ්ඩුවෙ ඉන්නවා. එස්.බී. මහින්දගෙ ආණ්ඩුවෙත් ඇමති රනිල්ගෙ ආණ්ඩුවෙත් ඇමති. නිමල් සිරිපාල මහින්දගෙ ආණ්ඩුවෙත් ඇමති රනිල්ගෙ ආණ්ඩුවෙත් ඇමති. දැන් මිනිස්සු ආණ්ඩුව මාරු කළාට මොකද වෙලා තියෙන්නෙ ? ආයෙ බලනකොට ඒ ආණ්ඩුවම තමයි" යනුවෙන් ඒ මහතා සඳහන් කළේය.

ඒ අනුව ආණ්ඩු දෙකේම වෙනසක් නොමැති බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (13) කොළඹදී පැවති උත්සවයක් අමතමිනි.

(LNW)