Wednesday, November 05, 2025
Follow Us
අද පාර්ලිමේන්තුව රැස් වෙයි

අද (09) පාර්ලිමේන්තුව පෙ.ව. 09.30 ට රැස්වන අතර, පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 දක්වා මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර ඇත.


ඉන් අනතුරුව, පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝග දෙකක්, වරාය හා ගුවන් තොටුපල සංවර්ධන බදු පනත යටතේ නියෝගය, විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් අටක්, ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි තුනක් සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් පනත යටතේ නියෝග විවාදය ගැනීමට නියමිතයි.
අනතුරුව, ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා ආණ්ඩු පාර්ශ්වය ගෙන එන යෝජනාව අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතය.