Sunday, April 28, 2024
Follow Us
තොණ්ඩමන්ගේ සහය ගෝඨාට!

එළඹෙන ජනාධිපතිවරණයේදී ලංකා කම්කරු කොංග්‍රසයේ සහය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දීමට තීරණය කර තිබේ.

කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්‍රසයේ පක්ෂ මුලස්ථානයට රැස් වූ එම පක්ෂ නායක ආරුමුගම් තොන්ඩමන් ඇතුළු නියෝජිතයින් මෙම තීන්දුවට පැමිණ ඇති අතර මේ වන විට එම ස්ථානයට සිය පාක්ෂිකයන්ද රැස කර ඒ බව දැනුම් දී ඇත.

ඒ අනුව ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීම වෙනුවෙන් වතුකම්කරු ජනතාවගේ ජන්ද ලබා දීමට කටයුතු කරන ලෙසත් මැතිවරණය ජයග්‍රහණය කරවීමට අදාළ ප්‍රචාරක කටයුතු අද පටන් ආරම්භ කරන ලෙසත් ලංකා කම්කරු කොංග්‍රසය ජනතාවට උපදෙස් දී තිබේ.

ලංකා කම්කරු කොංග්‍රසයට ඔවුන් නියෝජනය කරන දිස්ත්‍රික්කවලින් ජන්ද ලක්ෂයක පමණ ප්‍රමාණයකට හිමිකම් කියයි.

තව සුළු මොහොතකින් එම කාර්යාලයේ සිට විශේෂ මාධ්‍ය හමුවක් පවත්වා ලංකා කම්කරු කොංග්‍රසයේ තීරණය නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරිමට නියමිතව ඇත.

(LNW)