Thursday, November 06, 2025
Follow Us
රට ගොඩ ගන්නා නායකයා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අපේක්ෂාව වී තිබෙන්නේ 2048 දී රට දියුණු රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීම බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසිය.

එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළිය අමතමින් ඔහු මේ බව සඳහන් කළ අතර මේ රට දියුණු කිරීමේ සැලසුමක් ජනාධිපතිවරයා තිබෙන බව ද සඳහන් කළේය. මහලේකම්වරයා වැඩිදුරටත් මෙසේ පැවසීය.

"රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ට හැරෙන්නට වෙන කිසිදු නායකයෙක්ට මේ රට ගොඩනගන දැක්මක් නැහැ. 2048 වන විට නියත වශයෙන්ම ශ්‍රී ලංකාව දියුණු රාජ්‍යයක් කිරීමේ ඉලක්කය සපුරා ගැනීමේ වැඩපිළිවෙළට අපි සියලුම දෙනා සහාය ලබා දෙමු.

ජාත්‍යන්තර කම්කරු සැමරැම් දිනය අද සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ පූර්ණ ආශිර්වාදයෙන් යුතුව අපි සමරන්නේ ඉතා ආඩම්බරයෙන් බව කිවයුතුයි. එජාපය හැරුණාම අනික් දේශපාලන පක්ෂත් අතීතයේ විවිධ අවස්ථාවලදී අභියෝග භාරගෙන තිබෙනවා. නමුත් එම පක්ෂ අභියෝගවලින් පැනගිය අවස්ථා ද තිබෙනවා. එවැනි අවස්ථා මෑත ඉතිහාසයේත් දක්නට ලැබුණා. එක්සත් ජාතික පක්ෂය හැමදාම අභියෝග භාර ගත්තා, ඒ වගේම අභියෝග ජයග්‍රහණය කළා.
මේ පක්ෂයේ නිර්මාතෘ මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතා මේ රට අධිරාජ්‍යවාදයෙන් මුදවාගෙන නිදහස් මාතෘ භූමියක් නිර්මාණය කිරීමේ වගකීම නොබියව භාරගත් නායකයෙක්. කිසිදු ලේ සෙලවීමකින් තොරව රට නිදහස් කර ගැනීමට සමත් වුණා. ඊළඟ නායකත්වයට පත් වූ ජේ. ආර්. ජයවර්ධන මහතාට භාරගැනීමට සිදුවුණේ ඇවිදින ඇටසැකිළි තිබූ රටක්. ලෝකයේ කොන්වෙලා තිබූ අපේ රට එතුමා ලෝකයට අවතීර්ණ කළා.