Thursday, November 06, 2025
Follow Us
අවුරුද්දෙන් පසු පිල් මාරුක්ද?

 

සිංහල අලුත් අවුරුද්දෙන් පසු කාල සීමාවේදී දේශපාලන පිල් මාරු කිහිපයක් සිදුවීමට බොහෝදුරට ඉඩ ඇතැයි අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන පැවසීය.

 

සිංහල අවුරුද්දෙන් පසු එළඹෙන සති දෙක මේ රට දේශපාලනය වශයෙන් ඉතාම තීරණාත්මක එකක් විය හැකි බවත් පිල් මාරුවීම්, ඇමැති මාරුවීම් ලබන 20- 30 ඇතුළත සිදු විය හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.

තම කණ්ඩයාම කිසිම පාර්ශවයකට ගැතිවෙලා වැඩ කරන්න සූදානම් නැති බව පෙන්වා දුන් මහාචාර්ය ජයසුමන මහතා පක්ෂ විපක්ෂ කවුරුන් හෝ රටට යහපතක් වෙන තීරණයක් ගත්තොත් ඊට සහයවිමට සූදානම් බව සඳහන් කළේය.