Thursday, November 06, 2025
Follow Us
ප්‍රති ත්‍රස්ත පනත කල් යයි

ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල් දැමීමට තීරණය කර තිබේ.

අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ පැවසුවේ, විපක්ෂයේ නියෝජිතයින්, නීතිඥවරුන් හා සමාජ ක්‍රියාකාරීන් විසින් සිදුකළ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි.

 අදාළ පනත් කෙටුම්පත අධ්‍යයනය කර අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම සඳහා කාලය ලබාදීමට පියවර ගන්නා ලෙස ඔවුන් විසින් ඉල්ලීම් සිදුකර තිබූ බව අමාත්‍යවරයා පැවසීය.

කෙසේහෝ අප්‍රේල් මස අවසානයේ හෝ මැයි මස මුල දී ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති.