ඊයේ (10) කොළඹ ගාලු මුවදොර ක්‍රීඩාංගනයේදී පැවති නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මංගල ප්රචාරක රැළියට සහභාගි වූ එජාප පාක්ෂිකයන්ට ස්තුතිය පළ කරමින් එජාපය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එජාප මාධ්‍ය ඒකකය විසින් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වන්නේ ඉතිහාසයේ මෙතෙක් නොවූ පරිදි විශාලතම පිරිසක් මෙම රැළිය සඳහා සහභාගි වූ බවයි.
මෙම රැළිය සංවිධානය කිරීම සඳහා මැදිහත් වූ එජාප නිළධාරීන්ට, සංවිධායකයන්ට ද කෘතඥතාවය පළකරන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.
(LNW)