එක්සත් ජනරජ පෙරමුණ නමින් නව දේශපාලන පක්ෂයක් එළඹෙන මැයි මාසයේ එළිදක්වන බව 43 වැනි සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ඊයේ(1) ප්‍රකාශ කර ඇත.
බදුල්ලේ පැවැති 43 වැනි සේනාංකයේ වැඩ මුළුවකින් පසුව මාධ්‍ය වෙත ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.
ඔහු ප්‍රකාශ කළේ රට බංකොලොත් භාවයෙන් මුදා ගැනීම සඳහා මෙම තීරණය ගෙන තිබෙන බවයි.
පවුල් උරුමයෙන් රට පාලනය කරන දේශපාලනයට තිත තැබිය යුතු බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.