ත්‍රස්තවාදය ජාතික ආරක්ෂාව හා ජනජීවිතය විනාශ කළ හැකි ක්‍රමයක් බැවින් එය වැළැක්වීමට රජය සූදානමින් සිටිය යුතු බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසයි.
ත්‍රස්ත විරෝධ පනත සම්බන්දයෙන් අදහස් දක්වමින් ඒ් මහතා ඊයේ (01) මහනුවරදී මේ බව සඳහන් කළේය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ගෙන ඒමට නියමිත ප්‍රතිත්‍රස්ත පනතින් ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන්නේ නම් ඒ පිළිබඳ ඕනෑම පුද්ගලයෙකුට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ හැකි බව ද අමාත්‍යරවාය වැඩිදුරටත් පැවසීය .