සමඟි ජන බලවේගය පක්ෂයේ සභාපති හා මහ ලේකම් ධුර දැරීම තහනම් නොකිරීමට හේතු ඇති නම් මැයි 22 දින කරුණු ගොනු කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහත්වරුන්ට අවසන් වරට දින දෙමින් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය ඊයේ (31) නියෝග කළාය.
ඇමැතිනි ඩයනා ගමගේ මහත්මිය විසින් සජිත් පේමදාස හා රංජිත් මද්දුමබණ්ඩාර මහත්වරුන්ගේ පක්ෂ තනතුරු අභියෝගයට ලක් කරමින් පැවරූ නඩුව කැඳවූ අවස්ථාවේ මේ නියෝගය නිකුත් කරනු ලැබීය. විත්තියේ විරෝධතා ගොනු කිරීම ඊයේ සිදු කරන ලෙසට දින දී තිබූ අතර, විරෝධතා ගොනු නොකළ එයින් අවසන් වරට මෙලෙස දින දෙනු ලැබිණි. පක්ෂ ව්‍යවස්ථාව අනුව වෙනත් පක්ෂයක සාමාජිකත්වය දරන පුද්ගලයන්ට සමඟි ජන බලවේගය පක්ෂයේ තනතුරු දැරීමට නෛතික හැකියාවක් නැති බව සඳහන් කරමින් මෙම නඩුව ගොනු කර ඇත.
සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන් වෙනත් පක්ෂයක සාමාජිකයන් වශයෙන් කටයුතු කරන බවත්,එක්සත් ජාතික පක්ෂය විනය ක්‍රියාමාර්ග ගත් අවස්ථාවේ ඊට එරෙහිව ඉහළ අධිකරණයේ අධිකරණය විත්තිකරුවන් විසින් නඩු පවරා ඇති බවත් පැමිණිල්ල මඟින් පෙන්වා දී ඇති අතර, ඒ අනුව විත්තිකරුවන් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් වශයෙන් කටයුතු කරන බව පෙනී යන හෙයින් ඔවුන්ට සමඟි ජන බලවේගයේ සාමාජිකත්වය දැරීමට හැකියාවක් නැති බව පැමිණිල්ලේ සඳහන් කර තිබේ.
Dinamina