පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නියෝජ්‍ය නායක මධුමාදව අරවින්ද මහතා කළේ පුංචි වරදක් පමණක් බවත් එය පවා පිළිගෙන තමන්ටම දඬුවම් කරගැනීම සම්බන්ධයෙන් රටම ඔහුට ගරු කළ යුතු බවත් එම පක්ෂයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.
මධුමාදව අරවින්ද මහතා ගම්පහදී කළ ප්‍රකාශයකින් පක්ෂයට හානි සිදුවී ඇති බව පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් පෙන්වා දීමෙන් අනතුරුව ඔහු ඒ පිළිබඳව සමාව ගෙන පක්ෂයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වූ බවයි ගම්මන්පිල මහතා එහිදී ප්‍රකාශ කළේ.
ඒ අනුව ඔහු තමන්ගේ වරදට තමන් විසින්ම දඬුවම් කරගත් නිහතමානී මිනිසෙකු බව පැවසූ ඒ මහතා මීට වඩා බරපතළ වැරදි කළ අය ඒවා පිළිනොගන්නා රටක මධුමාදවගේ නිහතමානීකමට ගරු කළ යුතු බව අවධාරණය කළේය.
එසේම පාර්ලිමේන්තුව තුළ විවිධ ජාතිවාදී ප්‍රකාශ කෙරුණත් ඒවාට එරෙහිව කිසිවෙකුත් ක්‍රියාත්මක නොවුණු බවත් අවම වශයෙන් කණගාටුව පළ කිරීමක් හෝ නොකෙරුණු බවත් පැවසූ ඒ මහතා මහබැංකු හොරකම වෙනුවෙන් පොත් පවා ලියූ රටක පුංචි වරදක් කළ පුංචි මිනිසෙකු ඉල්ලා අස්වීමෙන් දුන් ආදර්ශයට ගරු කළ යුතු බවත් සඳහන් කළේය.
උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ ඊයේ (10) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
(LNW)