ශ්රීලනිපය වෙනුවෙන් එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ද ශ්රීලපොපෙ වෙනුවෙන් එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා ද ගිවිසුමට අත්සන් තැබූහ.
ශ්රී ලංකා පදනම් ආයතනයේදී පැවති මෙම උත්සව අවස්ථාවට දෙපාර්ශ්වයේ මන්ත්රීවරුන්, පක්ෂ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
මෙම ගිවිසුම ප්රකාරව ඉදිරි මහමැතිවරණයේදී දෙපාර්ශ්වය එක්ව තරගවැදීමටත් එහිදී නාමයෝජනා ලැයිස්තුවලින් 30%ක් ශ්රී ලංකා නිදහස් පක්ෂය වෙත ලබාදීමටත් නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කරයි.
(Lanka Leads)