තමන් කිසිදු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නොයෙදෙන බවත් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා තම සහයෝගය ලබා දෙන බවත් ලංවිම මුදල් භාර නිලධාරී සංගමය විසින් ලංවිම සාමාන්‍යාධිකාරී වෙත දැනුම් දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
අද පැවති වැඩවර්ජනය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය රාජ්‍ය ආයතන පිළිබඳව තොරතුරු අනාවරණයක් සිදු කර තිබේ.
ඒ් අනුව මහජන බැංකු ශාඛා 352න් 330ක් අද සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වූ බව මහජන බැංකුවේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා මහතා තහවුරු කර තිබේ.
අද පෙරවරු 11.00 වන විට ලංගම ඩිපෝ 107ම නියමිත කාලසටහනට අනුව ක්‍රියාත්මක වූ බව ලංගම සභාපති ලලිත් ද අල්විස් මහතා තහවුරු කර ඇත. ලංගම වෘත්තීය සමිති 08න් ජවිපෙ වෘත්තීය සමිතිය හැර අනෙක් වෘත්තීය සමිති 07ම සහයෝගීත්වයෙන් කටයුතු කරන බවද ඔහු පවසයි.
මහජනතාවට සේවය කිරීම සඳහා ලංකා බැංකු ප්‍රධාන කාර්යාලයේ සියලුම අංශ ඇතුළු ශාඛා 265ක බැංකු සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බව ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරී රසල් ෆොන්සේකා මහතා තහවුරු කර තිබේ.
මහජන බැංකු ශාඛා 340න් 272ක් පූර්ණ ලෙස අද දින ක්‍රියාත්මක වන බවත්, පෙරවරු 10.30 වන විට කාර්‍ය මණ්ඩලයේ පැමිණීම 75% ඉක්මවූ බවත් මහජන බැංකුවේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා මහතා තහවුරු කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.