Thursday, November 06, 2025
Follow Us

මැතිවරණ මුද්‍රණ කටයුතු වෙනුවෙන් මුදල් ප්‍රතිපාදන ඉල්ලා මහා භාණ්ඩාගාරයට යළිත් ලිපියක් යොමු කළ බව රජයේ මුද්‍රණාලය පවසයි.

මහා භාණ්ඩාගාරයේ මෙහෙයුම් දෙපාර්තමේන්තුවට අදාළ ලිපිය යොමු කළ බවත් එහි පිටපතක් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ද යොමු කළ බව මුද්‍රණාලායාධිපති ගංගා කල්පනී ලියනගේ සඳහන් කළේය.

මුද්‍රණ කටයුතු වෙනුවෙන් මුදල් ඉල්ලා මීට පෙර මුදල් අමාත්‍යාංශයට යොමු කළ ලිපියට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බව මුද්‍රණාලයාධිපතිනිය වැඩිදුරටත් පැවසුවේය.

Aruna