Thursday, November 06, 2025
Follow Us
රට ගොඩ ගන්න දරන උත්සාහයට ස්තුතියි

රටේ හැම ප්‍රශ්නයක්ම දේශපාලන කෝණයෙන් බැලිය නොහැකි බවත් ජාත්‍යන්තර අරමුදල සමඟ ගිවිසුමකට එන ලෙස තමන් දේශපාලන භේදයෙන් තොරව පැවසූ බවත් සමඟි ජන බලවේගයේ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවැසීය.

මන්ත්‍රීවරයා මේ බව පැවසූවේ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක ණයක් දීමට ඉතාමත් ආසන්න තැනක සිටින බව ඇහෙන්නට ඇතැයි ද ඒ මහතා කීවේය.

ශ්‍රී ලංකාවේ පුරවැසියන් වෙනුවෙන් මේ ගිලෙන රටට අත දෙනවා නම් මේ රට ගිලෙන්නේ නැතිව ගොඩ ගන්න හදනවා නම් ඒකට ස්තූතිවන්ත වෙන බවත් හෙතෙම පැවසුවේය.

 2020 දී අපි මේ රටට වෙන්න යන විනාශය දැක්කා. වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා රට අගාධයකට යමින් තිබුණා. අපි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යන්න කියද්දි සමහරු අපිට හිනා වුණා. එවැනි අවශ්‍යතාවක් නැහැ කිව්වා. නමුත් අපි කිව්ව විදිහටම රුපියල වැටිලා උද්ධමනය ඉහළ ගියා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා මේ ගිලෙන රටට දෙන අත අල්ල ගන්නවා මිසක් අතාරින්න කියලා අපිට වගකියන විපක්ෂයක් ලෙස කතා කරන්න බැහැ. යැයිද හෙතෙම කීවේය.

Dinamina