හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා තායිලන්තය බලා යෑමට කටුනායක ගුවන් තොටුපළ ට පැමිණ තිබූ අතර , ඔහුට එරෙහිව අධිකරණයේ විභාග වන නඩුවකට අදාලව පනවා තිබූ ගුවන් ගමන් තහනමක් මත , මෙම ගුවන් ගමන සදහා අවසරය හිමි නොවූ බැවින් ආපසු සිය නිවෙස බලා හරවා යැවූ බව කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු උසස් නිලධාරීවරයෙකු පැවසීය .
තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 402 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
එහිදී ඔහුට එරෙහිව අධිකරණය මගින් විභාග වන නඩුවකට අදාලව පනවා තිබූ ගුවන් ගමන් තහනම් නියෝගයක් මත , හිටපු අමාත්‍යවරයාට මෙම ගුවන් ගමන සදහා අවසර ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ලබා දී නොතිබුණි .
හිටපු අමාත්‍යවරයා සමග ඔහුගේ බිරිඳ ද මෙම ගුවන් ගමන සදහා සහභාගී වීමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියද , ඇය ද සිය ගුවන් ගමන අතහැර , අමාත්‍යවරයා සමග ආපසු සිය නිවෙස බලා පිටත්ව ගොස් තිබුණි
Lankadeepa