එක්සත් ජාතික පක්ෂය කඩාගෙන ගිය කිසි කෙනකුට හරි නොගිය බව එම පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවැසීය.
මහලේකම්වරයා මේ බව පැවැසුවේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී ඊයේ (27) පැවති මාධ්‍ය හමුවට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහලේකම්වරයා මෙසේ ද කීවේය.
"එක්සත් ජාතික පක්ෂය කඩාගෙන ගිය එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, ලලිත්, ගාමිණී, රුක්මන් සේනානායක මේ කිසිම කෙනෙක්ට පැවැත්මක් තිබුණේ නෑ. අද සජබය කෑලි කෑලිවලට සුණු විසුණු වෙලා. ඉදිරි මැතිවරණයට ඉතිරි වෙන්නේ සජිත්, කිරිඇල්ල, මරික්කාර් සහ තිස්ස අත්තනායක විතරයි. මරික්කාර් වෙන මුස්ලිම් නායකයකුට ඉන්න දෙන්නේ නෑ. මුජිබර් රහුමාන් බිල්ලට දුන්නා. මරික්කාර් ආයෙත් කවුරු හරි බිල්ලට දීලා තමන්ගේ තැන හදා ගනියි කියන එක අපට විශ්වාසයි.
ශ්‍රී ලංකාවට සහාය වීමේ අරමුණින් පසුගිය සතියේ G-20 සමුළුවේදී ශ්‍රී ලංකාව පිළිබඳව වැදගත් තීන්දු තීරණ රාශියක් ගත්තා. ඉන්දියාව ඉතාම දැඩි කැපවීමකින් ඒ සම්බන්ධව කටයුතු කළා. වර්තමාන ජනාධිපතිතුමාගේ දේශීය විදේශීය සම්බන්ධතා සහ ඒ ශක්තිමත්භාවය පිරික්සන සහ පෙන්නුම් කරන සාධකයක් ලෙස ඒ මැදිහත්වීම සඳහන් කළ හැකියි."
Dinamina