ගංගාරාම පෙරහර නැරඹීමට පැමිණි තමන් සමඟ එකට වාඩිවී සිටි විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ම පළාත් පාලනය මැතිවරණය කල් දමා ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටි බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පවසයි.
නියෝජ්‍ය කථානායකවරයා මේ බව පැවැසුවේ මහනුවර මල්වතු මහා විහාරයේදී පසුගියදා පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
"පාර්ලිමේන්තුවේ මෙන්ම පිටතදී මැතිවරණයක් ඉල්ලා උද්ඝෝෂණ කරන මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් පෞද්ගලිකව මේ අවස්ථාවේ මැතිවරණයක් පවත්වනවාට අකමැතියි. පසුගියදා ජනාධිපතිවරයා ද පාර්ලිමේන්තුවේදී හෙළි කළේ එම සත්‍යය.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයක් ලෙස මැතිවරණයට සූදානම්. රටේ පවතින ආර්ථික තත්ත්වයත් සමඟ මැතිවරණයට අදාළ කාර්යයන් ඉටු කිරීමේදී රාජ්‍ය ආයතනවලට යම් යම් බාධා ඇතිව තිබෙනවා. ප්‍රායෝගිකව පැන නැඟුණු ගැටලු හේතුවෙන් මැතිවරණ කොමිසම තැපැල් ඡන්දය පවත්වන දිනය වෙනස් කළා."
Dinamina