Thursday, November 06, 2025
Follow Us
 නව සන්ධානයක්

තවත් සති දෙකක් ගතවීමට පෙර නව සන්ධානයක් පිහිටුවන බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.

ඔහු ප්‍රකාශ කළේ පෙර සමගි ජන බලවේග මන්ත්‍රීවරු කිහිප දෙනකු සමඟ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානත්වයෙන් මෙම නව සන්ධානයක් පිහිටුවන බවයි.

 

බදුල්ල දිස්ත්‍රික්කයේ පැවැති රැස්වීමකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර වැඩිදුරටත් මෙසේ සඳහන් කළේය.

 

"මටත් රනිල් වික්‍රමසිංහ මහත්තයාටත් සජබ කඩන්න කිසිම උවමනාවක් තිබ්බේ නැහැ. මාත් එක්ක තවත් කිහිපදෙනෙක් ඕන තරම් අරන් එන්න තිබුණා. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒක කරන්න එපා කිව්වා. ඒත් දැන් මම එතුමාට කිව්වා එන්න ඉන්න කට්ටිය දැන් ගමු කියලා. සමහරු මිනිස්සුන්ගේ උන්මාදය වැඩියි දැන්."