ශ්රී ලංකා පොදුජන පෙරමුණ රාජපක්ෂලාගේ බූදලයක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්රී කුමාර වෙල්ගම මහතා පවසයි. ඒ නිසා ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට කිසිසේත් නොහැකි බවත්, ශ්රීලනිපය යම් හෙයකින් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට තීරණය කළහොත් තමා කෙටිකාලීන දේශපාලන විවේකයක් ගන්නා බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.
ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් තමා මෙතෙක් දැරූ ස්ථාවරය කිසිසේත් වෙනස් නොවන බවයි වෙල්ගම මහතා පවසන්නේ. යම් හෙයකින් ගෝඨා හැර දිනේෂ් ගුණවර්ධන මහතා හෝ වෙනත් පුද්ගලයෙකු පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළේ නම් ඔහුගේ ජයග්රහණය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන්නට හැකිව තිබූ බව ද වෙල්ගම මහතා පවසනවා.
ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කළ නමුත් නාමයෝජනා භාරදීමෙන් වැලකී සිටියේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව ජනාධිපතිවරණය ජයගත නොහැකි බව දන්නා නිසා බව ද කුමාර වෙල්ගම මහතා සඳහන් කරයි.
(LNW)