මහා අධික මුදලක් වියදම් කර නිදහස් උළෙල සැමරීම සිදු කළත් සර්ව ජන ඡන්ද බල අයිතිය ලබා දෙන ඡන්දය තැබීමේ හැකියාවක් රජයට නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
මාවනැල්ලේ පැවති රැස්වීමකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
කුමන්ත්‍රණකාරී ලෙස මිනිසුන්ට ඡන්දය පාවිච්චි කිරීමට තිබෙන අයිතිය නැති කර තිබෙන බවත් ඡනය වැළැක්වීමට ඡන්දයට බාධා කළ සියලු දෙනාම අනාගතයේ නීතිය හමුවට ගෙන එන බව විපක්ෂ නායකවරයා කියා සිටි.