Friday, November 29, 2024
Follow Us
නිදහස්, මාධ්‍ය භාවිතයක් සහතික කරනවා - සජිත්

ලසන්ත වික්‍රමතුංග,ප්‍රදීප් එක්නැළිගොඩ, උපාලි තෙන්නකෝන් වැනි මාධ්‍යවේදීන්ට අත් වූ ඉරණම අත්වීමට ඉඩ නොදෙන නිදහස් හා යහපත් මාධ්‍ය භාවිතයක් තමා ජනාධිපති වශයෙන් පත්වීමෙන් අනතුරුව රට තුළ ඇති කරන බව එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මහනුවරදී පැවසීය.

ජනාධිපතිවරණ ජන්ද ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර ශ‍්‍රී දළදා සමිදුන් වැදපුදා ගැනීම සදහා මහනුවරට පැමිණි සජිත්පේ‍්‍රමදාස මහතා මල්වතු අස්ගිරි නාහිමිවරුන්ගේද ආශිර්වාදය ලබා ගත් අතර අනතුරු
අස්ගිරි මහා විහාරයේදී මාධ්‍යහමුවේ අදහස් පළ කළේය.

එහිදී බලයට පත්වුව හොත් රටේ ජනමාධ්‍ය සම්බන්ධයෙන් කුමන පිළිවෙතක් අනුගමනය කරන්නේද යන්න පිළිබදව මාධ්‍යවේදියෙකු මතු කළ පැනයකට පිළිතුරු දෙමින් ප්‍රේමදාස මහතා මේ බව පැවැසීය.

තමාගේ පාලන කාලය තුළ හැකි උපරිමයෙන්ම මාධ්‍ය නිදහස සුරක්‍ෂිත කරනබවද කිසිම අවස්ථාවක තමාව විවේචනය කරන මාධ්‍ය හෝ මාධ්‍යවේදීන් අපහසුවට ලක් වන අයුරින් කටයුතු කිරීම තම ප‍්‍රතිපත්තිය නොවන බවද මෙහිදී පැවැසූ සජිත් ප්‍රේමදාස මහතා වැරදි අඩුපාඩු සහිත සමාන්‍ යමිනිසෙකු වන තමාගේ කටින් පිටවුණු යම් යම් වචන අල්ලා ගනිමින් ඇතැම් මාධ්‍ය නිර්දය ලෙස තමන්ව විවේචනය කළද තමන් එම විවේචන තමාගේ වැරදි අඩුපාඩු හදා ගැනීමට යොදා ගන්නවා මිස විවේචනය කරන පුද්ගලයින්ට වෛරකිරිමට තරම්පහත් තත්වයටඇදනොවැටෙන බවද සදහන් කළේය.

(LNW)