13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ සහ සමගි ජනබල වේගයේ මතය රටට හෙළි කරන ලෙස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10) පැවසීය.
ඔහු ප්‍රකාශ කළේ ඊට පිළිතුරු දීමට සිදුවන නිසා ඔවුන් පාර්ලිමේන්තුවට නොපැමිණෙන බව හෙතෙම කීවේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ රජයේ ප්‍රතිපත්ති ප්රකාශනය සම්බන්ධයෙන් කල් තැබීමේ විවාදයේදී ඒ් මහතා මේ බව සඳහන් කළ අතර විපක්ෂය බලයට ආව කියලා අයි එම් එෆ් තීරණ වෙනස් කළ නොහැකි බව ද සඳහන් කළේය.
අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ඉන් බැහැරව තීන්දු ගැනීමට නොහැකි බවයි
“ අපි රජයට එකතු වුණේ ඔක්කොම බය වෙද්දි රනිල් වික්‍රමසිංහ අභියෝගය භාර ගෙන රට ගොඩනැඟීමට ඉදිරිපත් වූ නිසයි. අප යන මඟ ඉතා පැහැදිලියි. සංචාරකයන් එන්න පටන්ගෙන තිබෙනවා. විදේශ ශ්‍රමිකයන් රට හා රජය ගැන විශ්වාස කරලා විදෙස් ප්‍රේෂණ එවනවා. අනාගතයේ තිරසර විසඳුමක් ලබාගන්න පුළුවන්. රජයට ව්‍යාපාර කරන්න බෑ.”