Friday, November 07, 2025
Follow Us
පාර්ලිමේන්තුවේ සභාපති නාමාවලියට මන්ත්‍රීවරයන් නම්‍ කෙරේ

නව වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරයේ සභාපති නාමාවලිය සඳහා නම් කරන ලද මන්ත්‍රී නාමලේඛනය කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ  (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 143 ප්‍රකාරව නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරයේ ඊයේ (10) දින සිට සේවය කිරීම පිණිස පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සභාපති නාමාවලියට ඇතුළත් කොට තිබේ.

ඒ අනුව වේලු කුමාර්, මයන්ත දිසානායක,  ඉම්රාන් මහරූෆ්,  හර්ෂණ රාජකරුණා,  රෝහිණි කුමාරි විජේරත්න,  හේෂා විතානගේ,  කෝකිලා ගුණවර්ධන, නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත, නීතිඥ වසන්ත යාපාබණ්ඩාර,  ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් , නීතිඥ මධුර විතානගේ,  වීරසුමන වීරසිංහ,  සමන්ප්‍රිය හේරත්, ආචාර්ය හරිනි අමරසූරිය යන මහත්ම  මහත්මීන් සභාපති නාමාවලිය සඳහා ඇතුළත් කොට තිබේ.