Friday, November 07, 2025
Follow Us
විදුලිබල ඇමැති කණගාටුව පළ කරයි

අඛණ්ඩව විදුලිය ලබාදීමට නොහැකි වීමත් ජනතාවට බර පැටවීමට සිදුවීම පිළිබඳ කණගාටු වන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

රජයේ වගකීම වන්නේ මීළඟ  පළාත් පාලන මැතිවරණය දිහා බලා තීන්දු තීරණ ගැනීම නොව අනාගතය දිහා බලා තීන්දු තීරණ ගැනීම බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ ඉදිරිපත් කරන ලද ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සබාව කල්තැබීමේ විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක් වූ බලශක්ති අමාත්‍යවරයා පැවසුවේ,

“ නොරොච්චෝලේ බලාගාරය ආරම්භ කරන විට යම් යම් කණ්ඩායම් විරෝධතා නැගුවා. නමුත් අද මෙය ජාතික සම්පතක් වෙලා. උසස් පෙළ විභාග කාලයේ හිතා මතා විදුදුලිය කපනවා කියලා චෝදනාවක් ගෙනිච්චා

නමුත් මේ රටේ අඛණ්ඩ විදුලි සැපයීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ මම පසුගිය ජනවාරි මාසයේ සිට ප්‍රකාශ කළා. ඒ සඳහා ගාස්තු සංශෝධනයක් අත්‍යාවශ්‍ය බව අපි පෙන්වා දුන්නා. නමුත් එයට ඇහුම්කන් දුන්නේ නැහැ.සමහරු බලන්නේ එළඹෙන මාර්තු 9 පැවැත්වෙන මැතිවරණය වෙද්දි තවත් විදුලි කප්පාදුව කරන්න පුළුවන්ද කියලා''යැයි අමාත්‍යවරයා කීය