රට දියුණු කිරීමට නම් ආකල්ප වෙනසක් ඇති විය යුතු බවත් ජනාධිපතිවයා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වන්නේද මෙය බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණඩාර තෙන්නකෝන් මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (08) ඉදිරිපත් කරන ලද ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සබාව කල්තැබීමේ විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
දේශීය කර්මාන්ත දියුණු කරනවා වෙනුවට වැඩ කරන ජනතාවගේ කකුලෙන් අදින දේශපාලන සංස්කෘතියක් මේ රටේ ගොඩ නගා ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
අපේ රටේ ආකල්ප සිතුම් , පැතුම් සහ හැගීම් වල වෙනසක් ඇති කර ගන්නා තාක් කල් මේ අර්බුදයෙන් ගොඩ ඒමට නොහැකි බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
“ ඇටිටියුඩ් වෙනස්කර ගන්නකල් සිස්ටම් චේන්ජ් එකකට යන්න බැහැ. අයි එම් එෆ් නොවේ කවුරු ආවත් ආකල්ප වලින් ගොඩ එනතුරු මේ රට හදන්න බැහැ.
පසුගියදා තරුණ පිරිසක් සිරිපා මලුවේ සිදු කරන දානමය පිංකමකට හමුදා සෙබළුන්ගේ දායකත්වය ඉල්ලා තිබුණා. තරුණයන් සිදු කරන පිංකමට හමුදාව ඉල්ලන් අවශ්‍ය නැහැ. එය එම තරුණ පිරිසටම කළ හැකියි. මේ වගේ නොයෙකුත් ප්‍රා දේශීය ලේකම් කාර්යාල වලින් කානු අතුගාන්න , සුද්ද කරන්න හමුදාව ඉල්ලනව, නමුත් ඉදිරියේදී ඒ තත්වයට හමුදාව දාන්න සූදානම් නැහැ. ආකල්ප වලින් එළියට එන් නැතිව අපට දියුණු වෙන්න බැහැ.රට හදන්න බැහැ.”