ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය පළ කරන්නේ කුමන පාර්ශ්වයටද යන්න පිළිබඳ අවසන් තීරණයකට එළඹීම ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් පසුව සිදු කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසයි.
ඒ අනුව ඔක්තෝබර් 11 වනදායින් පසු දිනක මෙම තීරණය ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.
දැනට, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ගිවිසුම් තුනකට එළඹීමට ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බව පැවසූ ඒ මහතා කෙසේවෙතත් මේ පිළිබඳ අවසන් තීරණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගනු ඇති බවයි ප්‍රකාශ කළේ.
(LNW)