තම ප්‍රතිවාදී අපේක්ෂකයන් පරාජය කිරීම සඳහා වංගු ගැසීමට ජනතා විමුක්ති පෙරමුණ කිසිවිටෙකත් කටයුතු නොකරන බවත්, මැතිවරණවලදී තම ප්‍රතිවාදියා පරාජය කිරීමට ජනතා ඡන්දය ප්‍රමාණවත් බවත් ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මේ බව කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අපේක්ෂකත්වයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ අධිකරණයට ඉදිරියට යන බවට පළවන ප්‍රචාර සම්බන්ධයෙන් සිය පක්ෂයේ මතය ඉදිරිපත් කරමිනි.
තම පක්ෂය ගෝඨාභයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවට සෞඛ්‍ය අමාත්‍ය පසුගියදා ප්‍රකාශ කළ අතර විජිත හේරත් මහතා පවසන්නේ රාජිතගේ ප්‍රකාශය ප්‍රතික‍්ෂේප කරන බවයි. රාජිත සේනාරත්න මහතා ජනතාව නොමග යවමින් සිටින බවත්, ජවිපෙ ජනතා මතය පිළිබඳව මිස එවැනි ක්‍රියාමාර්ග පිලිබඳව විශ්වාසය නොතබන බවත් විජිත හේරත් මහතා පවසනවා.
ජනතා මතය පිළිබඳව විශ්වාසය තබන මොහොතක ඊට එපිටින් ගොස් වෙනත් කෙටි මාර්ග පිළිබඳව විශ්වාසය තැබීම නොව මේ මොහොතේ ජනතා මතය පිළිබඳ විශ්වාසය තැබී තම පක්ෂයේ මතය බව විජිත හේරත් මහතා පවසයි.
(LNW)