Friday, March 29, 2024
Follow Us
කොමිෂන් සභාවන්හි සාමාජිකයන් පත්කිරීමට අයදුම්පත්‍ර කැඳවයි

කොමිෂන් සභාවන්හි සාමාජිකයන් පත්කිරීමට අයදුම්පත්‍ර කැඳවා තිබෙන අතර අයදුම්පත් බාර ගැනීම පෙබරවාරි 15න් අවසන් වේ.

පසුගියදා රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ දී තීරණය කළ පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ස්වාධීන කොමිෂන් සභාවන් හි සාමාජිකයන් ලෙස පත්කිරීම සඳහා, අවශ්‍ය සුදුසුකම් සපුරාලන තැනැත්තන්ගෙන් අයදුම්පත්‍ර කැඳවා ඇත.

ඒ අනුව පහත සදහන් කොමිෂන් සභාවන්හි සාමාජිකයන් ලෙස පත්කිරීම සඳහා මෙලෙස අයදුම්පත් කැඳවා ඇත.
1. මැතිවරණ කොමිෂන් සභාව
2. රාජ්‍ය සේවා කොමිෂන් සභාව
3. ජාතික පොලිස් කොමිෂන් සභාව
4. විගණන සේවා කොමිෂන් සභාව
5. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව
6. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව
7. මුදල් කොමිෂන් සභාව
8. සීමා නිර්ණය කොමිෂන් සභාව
9. ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව
මේ සඳහා වන අයදුම්පත්‍ර, www.parliament.lk යන පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි පළකර ඇති ආකෘතිය අනුව පිළියෙල කළ යුතු අතර, නිසි පරිදි සම්පූර්ණ කළ අයදුම්පත් 2023 පෙබරවාරි මස 15 දින හෝ එදිනට පෙර යොමු කළ යුතුයි.

 

ශ්‍රී් ලංකා පාර්ලිමේන්තුව