Friday, November 29, 2024
Follow Us
රට හදන්න එන 35 මෙන්න

2019 ජනාධිපතිවරණය සඳහා අද නාමයෝජනා භාර ගැනිණි. අපේක්ෂකයන් 41 දෙනෙකු වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබූ නමුත් නාමයෝජනා භාරදී ඇත්තේ අපේක්ෂකයන් 35 දෙනෙකු පමණි.

පිළිගත් දේශපාලන පක්ෂ 17 ක් න‍ියෝජනය කරමින් සහ පිළිගත් දේශපාලන පක්ෂ නොවන සංවිධාන 02 ක් නියෝජනය කරමින් අපේක්ෂකයන් ඉදිරිපත් වූ අතර ස්වාධීන අපේක්ෂකයන් 16 දෙනෙකු ඉදිරිපත්ව සිටී.

2019 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදුන් අපේක්ෂකයන් මෙසේය.

සජිත් ප්‍රේමදාස මහතා - නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ
ගෝඨාභය රාජපක්ෂ මහතා - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
අනුර කුමාර දිසානායක මහතා - ජාතික ජනබල ව්‍යාපාර (පිළිගත් දේශපාලන පක්ෂයක් නොවේ)
මහේෂ් සේනානායක මහතා - ජාතික ජනතා පක්ෂය
වජිරපානි විජයසිරිවර්ධන මහතා - සමාජවාදී සමානතා පක්ෂය
සිරිතුංග ජයසූරිය මහතා - එක්සත් සමාජවාදී පක්ෂය
බත්තරමුල්ලේ සීලරතන හිමි - ජනසෙත පෙරමුණ
අජන්තා විජේසිංහ පෙරේරා මිය - ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂය
ඒ.එස්.පී. ලියනගේ මහතා - ශ්‍රී ලංකා කම්කරු පක්ෂය
සමන් ප්‍රසන්න පෙරේරා මහතා - අපේ ජනබල පක්ෂය
දුමින්ද නාගමුව මහතා - පෙරටුගාමී සමාජවාදී පක්ෂය
ප්‍රියත් මුනිහත් එදිරිසිංහ මහතා - ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු
ආරියවංශ දිසානායක මහතා - ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ
අජන්ත ද සොයිසා මහතා - රුහුණු ජනතා පක්ෂය (පිළිගත් දේශපාලන පක්ෂයක් නොවේ)
රොහාන් පල්ලේවත්ත මහතා - ජාතික සංවර්ධන පෙරමුණ
නාමල් රාජපක්ෂ මහතා - ජාතික සමගි පෙරමුණ
අරුන ද සොයිසා මහතා - ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය
සරත් මනමේන්ද්‍ර මහතා - නව සිහළ උරුමය
සුබ්‍රමනියම් ගුණරත්න මහතා - අපේ ජාතික පෙරමුණ
අපරැක්කේ පුඤ්ඤානන්ද හිමි - ස්වාධීන
එම්.කේ. සිවාජිලිංගම් මහතා - ස්වාධීන
සිරිපාල අමරසේන මහතා - ස්වාධීන
සරත් විජිතකුමාර කීර්තිරත්න මහතා - ස්වාධීන
අශෝක වඩිගමංගාව මහතා - ස්වාධීන
අනුරුද්ධ පොල්ගම්පල මහතා - ස්වාධීන
මිල්රෝයි ප්‍රනාන්දු මහතා - ස්වාධීන
අහම්ඩ් හසන් මොහොමඩ් අලෙවි මහතා - ස්වාධීන
එම්.එල්.ඒ. හිස්බුල්ලා මහතා - ස්වාධීන
ඉල්ලෙයාස් අයිදුරුස් මොහොමඩ් මහතා - ස්වාධීන
බසීර් සේගුදාවුද් මහතා - ස්වාධීන
පියසිරි විජයනායක මහතා - ස්වාධීන
රජිව් විජේසිංහ මහතා - ස්වාධීන
සමරවීර වීරවන්නී මහතා - ස්වාධීන
ජයන්ත කැටගොඩ මහතා - ස්වාධීන
සමන්සිරි හේරත් මහතා - ස්වාධීන

(LNW)