ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට එරෙහිව අධිකරණය හමුවේ පෙත්සම් ගොනු කරනු ලැබුවේ සජිත් පේ‍්‍රමදාස අමාත්‍යවරයාගේ පාර්ශ්වයෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලූම් අමුණුගම පවසනවා.
අදාළ පෙත්සම් සජිත් පේ‍්‍රමදාස අමාත්‍යවරයාගේ පාර්ශ්වයෙන් ගොනු නොකළ බවට කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ ඊයේ (05) ප්‍රකාශයක් සිදු කළා. එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් දිලූම් අමුණුගම මන්තී‍්‍රවරයා මේ බව කියා සිටියා.
එහිදී ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ "නඩුවේ තීන්දුව ප්‍රකාශ කරන්න පැයකට විතර කලින් සුජීව සේනසිංහ... නොයෙකුත් අය උසාවියේ ඉඳලා කළ ප්‍රකාශ.. ඒ අය කිව්වේ හොරුන්ට ඡන්දෙ ඉල්ලන්න බැරි වෙනවා. හොරු ගෙදර යනවා..වගේ කතා. එක්සත් ජාතික පක්ෂයේ අය ඒ වගේ ප්‍රකාශ කරන්නේ මොකටද? NGO අය දාපු නඩු වෙනුවෙන්.. ඒ නිසා මම ඉතා පැහැදිළිව කියන්නේ මේ.. එක්සත් ජාතික පක්ෂයට වැඩ කරන NGO හිඟන්නො ටිකක්. මම වගකීමෙන් කියනවා.. මේ නඩුව පැවරුවේ එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාව තරගයෙන් ඉවත් කරන්න බලාගෙනයි. මේක රනිල් වික්‍රමසිංහ පාර්ශ්වයෙන් පවරපු නඩුවක් නෙමෙයි. " යනුවෙනි.
(Neth)