Friday, April 19, 2024
Follow Us
රට හමුවේ ඇති ප්‍රශ්න විසදිය හැක්කේ පරණ පවුල් දේශපාලනයට හෝ හුදු විප්ලවීය කවි ගායනාවලට නොවේ – චරිත හේරත්

විශේෂයෙන්ම අපි යන්නේ ඉතාම අමාරු ගමනක්, අපේ රට දේශපාලන වශයෙන් නිදහසෙන් පස්සේ වසර 75ක් පිරෙන්න යනකොට රට ආර්ථික වශයෙන් කඩා වැටෙන තැනකට ඇවිල්ල තියෙනව. මෙන්න මෙහෙම ඉරණමක්‌ ඉදිරියේ තමයි මේ බදුල්ලේ අපේ මේ මහා සම්මේලනය පවත්වන්නෙ.

මිත්‍රවරුනි බදුල්ලේ ඔබ දන්නවා 815 දී අපේ රට යටත් වුණාට පස්සේ අපේ අනාගතය ගැන කිසිම අයුරක් නැති වෙච්ච කාලයේ ඉස්සෙල්ලම ඉස්සරහට ඇවිල්ලා අපේ අනාගතය අපිට දියවු කියලා අරගල කෙරුවේ ඌවෙ පැරණි සද්දන්ත ඡන්ද දායකයෝ.

ඒ සද්දන්ත නායකයෝ තමයි ඉස්සෙල්ලම දැක්කේ විශාල අදුරකට රට ගමන් කරනවා කියලා.ඒ අඳුරෙන් එළියට එන්න 18 ගහපු කැරැල්ල නිමාවුණේ 48 නිදහස ලබාගෙන. 48 අපි ගත්ත ඒ නිදහස නැවත වතාවක් 18 දී අර ඔබේ මුතුන් මිත්තො දැක්කා වගේ අඳුරකට රට තල්ලු කරලා තියෙන වෙලාවකයි අපි අද හමුවෙන්නේ.

ඒ නිසයි දේශපාලනේ අමාරු වෙලාවක අමාරු තීරණයක් ගන්න අපි හැමෝටම සිදුවුණේ. මිත්‍රවරුනි අපේ රටේ ප්‍රධාන ප්‍රශ්න දෙකක් හමු අපි ඉන්නේ. දේශපාලනේකවුරුවත් විශ්වාස කරන්නෙ නැති 225 ම, පළාත් සභා පද්ධතියම දේශපාලනයම එපා කියන තැනකට දේශපාලන අර්බූදය මෝදු වෙලාවෙලා තියෙනවා.

අනිත් පැත්තෙන් ගෑස් ටික නැති පැට්‍රල් ටික නැට්, ගෙදරට ලයිට් ටික නැති, දරුවට පාසලට පොත් කට්ට්ලය ගන්න බැරි පාසලට කෑම පැකට් එක යවන්න බැරි තැනට අපේ ආර්ථිකය කඩාවැටිලා තියෙනවා. ආර්ථිකය අහිංසක ජනතාවට දිනකට රුපියල් දාහක් ගෙවන්න බැරි හාම්පුතුන් ඉන්න රටක් බවට මේක පත්වෙලා තියෙනවා. මේ අභියෝගය හමුවේ දේශපාලනයයි ආර්ථිකයයි එකට ගැට ගැහිච්ච අර්බුදයක් 818 වගේ 948 වගේ ආයෙ ඇවිල්ල තියෙනව.

මෙන්න මේකයි අපේ ප්‍රශ්නේ. මෙතනින් එළියට යනවද, මේ ජනතාවට බොරු කියලා ආයි නායකයෙක් මෙතැනට ගෙනල්ල මල් මාලා දානවද කියලා අභියෝග හමුවේ තමයි මේ “නිදහස” බිහිවෙන්නේ.
එනිසා අපි තීරණය කෙරුවා” ඩලස්, ජී ඇල්, ඩිලාන්, වගේ අපේ පාර්ලිමේන්තුවේ පළමු පේළියේ ඉන්න නායකයන් එක්ක මේ අලුතින්ම ආපු , අපි අපේ වෘත්තිය අතෑරලා ආපු දේශපාලඥයන්. මට අවුරුදු 13 ක් තිබුණ විශ්‍රාම යන්න. එහෙම තියෙද්දි මිලියන භාගයක් විතර ලැබෙන්න තිබූ රස්සාව අතෑරලා අපි විශ්වාස කලා මේ දුක් විදින ජනතාවගේ ටැක්ස් එකෙන් ඉගෙන ගට්ත්ත අපි තනියෙන් තමන්ගේ ජීවිත හදන්න ඕනි කියලා. නැතුව ඔබලා එක්ක එකතු වූ මේ ගමනට යන්න ඕනි කියලා .

නමුත් අපි ඔක්කොම විශාල අර්බුදයකට වැටුණා. නිදහසෙන් පස්සෙ වසර 75 යි, අපේ රටේ ආර්ථිකය අපේ රටේ දේශපාලනය 818 කිවුලේගෙදර මොහොට්ටාලලා සිටි තැනට ආයෙ තල්ලු කරලා තියෙනවා .මේකෙන් අපි අතමිදෙන්න ඕනි. මෙන්න මේ නිසා මිත්‍රවරුනි අපි තීරණය කෙරුවා බදුල්ල මේ ඓතිහාසික ජනතාවට අපි මේ කියන්නෙ අපිට යන්න තියෙන දුර ඉතාම අමාරුයි. දුර වැඩියි. හැබැයි අපි ඉතාම සංතෝසෙන් අද බදුල්ලේ මේ නගර ශාලාවෙ සිට කියන්නේ අපි මේ සටන ජයග්‍රහණය දක්වා ගෙනයන බව ඉතාමත් පැහැදිලිව පෙනී යනවා මේ ජනතාව දකිද්දි.

අපේ රටේ ආර්ථික අර්බුදය නිසා නැගිච්ච දේශපාලන අර්බුදයක්. සාම්ප්‍රධායික දේශපාලනය තුළ පක්ෂ පද්ද්ධතියම කපෝති වෙලා තියෙන්නෙ. බොහෝ අය හිතන්නෙ ආපහු පරම නායකයෙක් ගෙනාවම හරියනවා කියලා .පරණ නායිකාවක් ගෙනාවාම හරියනවා කියලා සමහරු හිතන්නෙ. පරණ නායජයෙක් පස්ස දොරින් ගෙනාවාම හරියනවා කියලා සමහරු හිතනවා. හැමදාම වගේ විවේචනය කර කර හිටපු මේ රටේ අරගල කර කර හිටපු මේ රටේ අරගල දේශපාලනයේ කවි කියලා ආපහු හදන්න පුළුවන් කියලා ඇතැමුන් සිතනවා.

පරණ වලව්වටත් බෑ….
කඩා වැටිච්ච දේශපාලන නායකයන්ටත් බෑ..
පුළුවන් විප්ලවීය කවි වලටත් බෑ…

අපහමුවේ තිබෙන ආර්ථික , දේශපාලනික අර්බුදය විසදීමට .

මේ නිසයි අපි මෙයට සම්භන්ධව සැලැස්මක් , කැපවීමක් , දැක්මක් සහ එයට හැකියාවක් ඇති කණ්ඩායමක් එකට එක්ව මේ දේශපාලන අසීරු ගමන දිනන්න තීරණය කළේ….

අද වන විට බරපතළ අර්බුදයක මගෙ දෙමාපියන් , සහෝදර සහෝදරියො අපි ඔක්කොම වැටිලා ඉන්නෙ. මේකෙන් අපි එළියට යන්න ඕනි ..

අළුත් දේශපාලන ගමනක් හදන්න තරුණ පරපුරට එක සමාන අවස්ථාව තියෙන ඔබ නායකයෙක් කරන දේශපාලනයක් නිර්මාණය කරන්න “නිදහස” ජනතා සබාව සමග අත්වැල් බැදගන්න කියලා ආරාධනය කරනවා…

ළෙස හෙතෙම පැවසීය .

LNW