පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රීලාංකික පුරවැසිභාවය සම්බන්ධයෙන් ශ්‍රීලනිපයට කිසිදු ගැටලුවක් නොමැති බව ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා පවසයි. ඒ නිසා ඉදිරි ජනාධිපතිවරණයේදී ඔහුට සහයෝගය දැක්වීම සම්බන්ධයෙන් ශ්‍රීලනිපයට කිසිදු ගැටලුවක් නොමැති බවයි ඒ මහතා පවසන්නේ.
අද (02) පැවති ශ්‍රීලනිප මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.
ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දැක්වීම කිසිදු ගැටලුවක් නොමැති වුවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහයෝගය දැක්වීමට ශ්‍රීලනිපයට කිසිසේත් හැකියාවක් නොමැති බවත්, ඊට හොඳම විසඳුම පොදු ලකුණක් යටතේ ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම බවත් ශ්‍රීලනිප ප්‍රකාශකයා පවසනවා.
හෙට අනිද්දා වනවිට එම ගැටළුව විසඳා ගැනීමට හැකිවනු ඇතැයි ශ්රීලනිපය බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.
යම් හෙයකින් පොදුජන පෙරමුණ සමග ඡන්ද ලකුණ පිළිබඳව පොදු එකඟතාවයකට පැමිණීමට අසමත් වුවහොත් ශ්රීලනිපය වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කළයුතු බවට පක්ෂය තුළ සංවාදයක් පවතින අතර ඒ සඳහ ශ්‍රීලනිප ලේකම් දයාසිරි ජයසේකර මහතා හෝ කුමාර වෙල්ගම මහතා හෝ ඉදිරිපත් වන බවටද රාවයක් පවතී. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ශ්රීලනිපය තවමත් නිශ්චිත ප්‍රකාශයක් සිදුකර නොමැත.
(LNW)