ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ඉදිරි ජනාධිපතිවරණයේදී තරග වදින සලකුණ සම්බන්ධයෙන් අවසන් තීන්දුව ලබන 05 වැනිදා ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
එහි ප්‍රකාශකයෙකු පැවසුවේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය දක්වන සියලූ පක්ෂ සමග සාකච්ඡා කර අවසන් එකගතාවකට පැමිණෙන බවයි.
ඒ අනුව එම පක්ෂ ගොඩනගන නව සන්ධානයට අත්සන් තැබීම ලබන 12 වැනිදා සිදු කිරීමටයි මේ වනවිට තීරණයකට එළඹ ඇත්තේ. කෙසේවෙතත් මීට පෙර ප්‍රකාශ කර තිබුණේ මෙම සතිය තුළ නව සන්ධානය ගොඩනැගීමටයි. එහෙත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය ප්‍රමාදවීම සන්ධානයට අත්සන් තැබීම කල්යාමට ද හේතුවී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.
මේ අතර ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතර හමුවක්ද ඊයේ පස්වරුවේ පැවැත්වුණා. එහිදී ප්රමුඛ අවධානයක් යොමුවී ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් සන්ධානගතවීම සම්බන්ධයෙන්. ඉදිරි මැතිවරණ කි‍්‍රයාවලියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාර්යයභාරය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා වී ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ද ඡන්ද පොළ නියෝජිතයෙකු පත්කිරීම, මැතිවරණ කාර්යාල පිහිටුවීමේදී නිදහස් පක්ෂයට ද කාර්යාල ලබාගැනීම සහ මැතිවරණ ප්රචාරක රැළිවලදී පක්ෂය එක්විය යුතු ආකාරය සම්බන්ධයෙන් ද මෙම හමුවේදී සාකච්ඡා කර තිබෙනවා.
කෙසේවෙතත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරය අඛණ්ඩව සිදුකරන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් සොයිසා ප්‍රකාශ කළා.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැනටමත් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගත වන්නේ නම් ලකුණ පිළිබඳ තීරණය ලබන 05වැනිදා රැස්වන පක්ෂ මධ්‍යම කාරක සභාවේදී ගන්නා බවයි.
(Neth)