ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාම යළි ඉදිරිපත් වනු ඇතැයි සිතන බව අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂය ද ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්රීලනිපය සමඟ සාකච්ඡාවක් සඳහා ඉල්ලීමක් කර ඇතත් ශ්රීලනිපය බොහෝදුරට අපේක්ෂකයකු ඉදිරිපත් කරනු ඇතැයි තමන් සිතන බවයි ඒ මහතා සඳහන් කළේ.
එසේම ගෝඨාභය රාජපක්ෂ මහතාව සිරගත කිරීමට ආණ්ඩුව සැලසුම් කරන්නේයැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් කරන චෝදනාවට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව නඩු අසන්නේ ආණ්ඩුව නොව අධිකරණය බැවින් ඒ ප්‍රශ්න ඔවුන් අධිකරණයේදී විසඳාගත යුතු බවය.
මීට පෙර පැවති රාජපක්ෂ පාලන සමයේදී නම් අරලියගහ මන්දිරයේ සිට නඩු තීන්දු ලිවීමක් සිදුවූ බව පැවසූ ඒ මහතා දැන් එවන් තත්වයක් නොමැති බවත් අවධාරණය කළේය.