Tuesday, April 08, 2025
Follow Us
අමාත්‍ය බදුර්දීන් සහ හිස්බුල්ලාට එරෙහිව ලද පැමිණිලි CID යට

අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් සහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට එරෙහිව පොලිස් මුලස්ථානය වෙත ලැබුණු පැමිණිලි දෙකක් වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කර සිටිනවා.

පුජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් විසින් අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් සහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට එරෙහිව කරන ලද පැමිණිල්ලක් සහ පුජ්‍ය අඟුලුගල්ලේ සිරි ජිනානන්ද හිමියන් විසින් නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයාට එරෙහිව සිදුකරනු ලැබූ පැමිණිලි දෙකක් මෙලෙස වැඩිදුර විමර්ශන සදහන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කර සිටියේ.

මේ අතර අමාත්‍ය රිෂාඞ් බදියුදීන් සම්බන්ධයෙන් අද (26) පැවති මාධ්‍ය සාකච්ඡා කිහිපයකදී ද අදහස් පළ වුණා. මේ, ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල්.

(Neth)