Thursday, March 26, 2026
Follow Us
බැසිල්ට අගමැතිකම දෙනවාද? - කැබිනට් මාධ්‍ය හමුවට ප්‍රශ්නයක්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට කැබිනට් අනුමැතිය ලැබී ඇති බැවින් කැබිනට් මණ්ඩලය ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරනු ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට අග්‍රාමාත්‍ය ධූරය ලබාදීමේ සූදානමක් ඇද්දැයි මාධ්‍යවේදියෙකු එහිදී අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළා. ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් කැබිනට් මණ්ඩලයේදී සිදු නොවූ බවයි.

Neth