Thursday, March 26, 2026
Follow Us
හිටපු කෝප් කමිටු සභාපති හෙළි කළ දුෂණ ගැන, නව කමිටුවේ අවදානය යොමු වෙයි

කෝප් කමිටුවේ හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් ඉකුත් දිනවල අනාවරණ කළ දූෂණ වංචා පිළිබඳ වත්මන් කෝප් කමිටුවේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් කෝප් කමිටුව හමුවේ කරුණු ඉදිරිපත් කිරීමට හිටපු සභාපතිවරයාට දැනුම්දීමට තීරණය කළ බවයි මහනුවරදී අදහස් දක්වමින් නව සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය රංජිත් බණ්ඩාර පැවසුවේ.

Neth