Thursday, March 26, 2026
Follow Us
මැතිවරණයක් ඉල්ලා විපක්ෂය නඩු මගට

රටට මේ මොහොතේ අවශ්‍ය මැතිවරණ සංශෝධන නොව කුමන හෝ මැතිවරණයක් පවත්වා මහජන මතය විමසා බැලීම බව සමගි ජන බලවේගය පවසනවා.

එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුමබණ්ඩාර පැවසුවේ මැතිවරණ කල්දැමීමට උත්සාහ කළහොත් ඊට එරෙහිව හැකි සෑම පියවරක්ම ගන්නා බවයි.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පැවසුවේ පළාත් පාලන ඡන්ද විමසීම පමණක් නොව සියලු මැතිවරණ කල් දැමීමට ආණ්ඩුව උත්සාහ දරමින් පවතින බවයි.

Neth