Monday, May 20, 2024
Follow Us
හය පාරක් නෙවෙයි දහ පාරක් වුණත් චෙක් කරන්න ඕනෑ - මරික්කාර්ගෙන් සාලිට පිළිතුරු

සැකසහිත ස්ථානයක් ඇත්නම් එය පන්සලක් හෝ පල්ලියක් හෝ කෝවිලක් හෝ වුවත් ඒවා අනිවාර්යයෙන්ම පරීක්ෂාවට භාජනය කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පවසයි.

එසේ පරීක්ෂා කිරීම සඳහා ආරක්ෂක අංශ සතුව ක්‍රමවේද පවතින බව පැවසූ මන්ත්‍රීවරයා ඒවාට බාධා නොකළ යුතු බවත් අවධාරණය කළේය.

ඒ අනුව හය වතාවක් නොව දහ වතාවක් වුවත් අවශ්‍ය නම් පරීක්ෂා කිරීමට ඉඩ තිබිය යුතු බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

එස්. එම්. මරික්කාර් මහතා මේ බව පැවසුවේ මුස්ලිම් දේවස්ථාන දිගින් දිගටම පරීක්ෂා කිරීම නවතා දැමිය යුතු බවට බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා පෙරේදා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

(LNW)