Friday, March 27, 2026
Follow Us
කෝප් සහ කෝපා කමිටු සාමාජිකයන් නිවේදනය කිරීම සඳුදා

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සහ රාජ්‍ය ගිණුම් සභාව හෙවත් කෝපා කමිටුවේ සාමාජික මන්ත්‍රිවරුන්ගේ නම් සඳුදා (03) නිවේදනය කිරීමට නියමිතය.

කතානායක මහින්ද යාපා අ‌බේවර්ධන විසින් නව සාමාජිකයන් නිවේදනය කරනු ඇත.

කෝප් සහ කෝපා කමිටුවල සභාපති ධූරයන් විපක්ෂයට ලබා දෙන ලෙස සමගි ජන බලවේගය දිගින් දිගටම ඉල්ලීම් කළත් පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඊට සිය විරෝධය ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව, ජනතාව අතර වඩාත් ප්‍රචලිත කමිටු දෙකක් වන කෝප් සහ කෝපා කම්ටුවල සභාපති ධූරයන් පිළිබඳ තීරණය සඳුදා දිනයේදී අදාළ මන්ත්‍රීවරු නම් කිරීමෙන් අනතුරුව අදාළ කමිටු රැස්වූ පසුව සිදු කෙරෙනු ඇත.

LNW