Friday, March 27, 2026
Follow Us
මැතිවරණයක් එනතුරු ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක නොවන බව ජවිපෙ කියයි

මැතිවරණයක් පැවැත්වෙන තුරු මිල සූත්‍රය අනුව ඉන්ධන මිල අඩුවීමක් බලාපොරොත්තු විය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පැවසූවේ මෑතකදී මැතිවරණයක් නොපැවැත්වෙන බැවින් ආණ්ඩුව ඉන්ධන මිල අඩු නොකරන බවයි.

මිල සූත්‍රයක් ක්‍රියාත්මක වන්නේ නම් මේ වන විට ඉන්ධන මිල රුපියල් 100 කින් පමණ අඩුකළ හැකි බවයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පෙන්වා දුන්නේ.

Neth