Tuesday, June 23, 2026
Follow Us
ගල් අඟුරු ටෙන්ඩරය ගැන විශේෂ විගණනයක්

ආන්දෝලනයට තුඩුදී ඇති ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් විශේෂ විඝණනයක් වහාම සිදුකරන ලෙස විඝණකාධිපතිවරයාට තමන් දැනුම්දෙන බව මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

මෙම ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, ලිපියක් මඟින් මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ඊයේ ඉල්ලීමක් කළා.

ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මෙම අදහස් පළ කළා.

Neth