Friday, March 27, 2026
Follow Us
නියෝජ්‍ය කතානායකගෙන් නිවේදනයක්

පාර්ලිමේන්තු කාරක සභාවට අලුතින් නම් හතරක්


පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ සේවය කිරීම සඳහා අලුතින් මන්ත්‍රීවරුන් සිව්දෙනකු තේරීම් කාරක සභාව විසින් පත් කර ඇතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී වජිර අබේවර්ධන, සමගි ජන බලවේගයේ තලතා අතුකෝරළ සහ එරාන් වික්‍රමරත්න යන අය පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවට අලුතින් කරනු ලැබු අය වේ.

Aruna