Wednesday, March 11, 2026
Follow Us
විශ්වාසභංගයට පෙර : තේරීම් කාරකසභා අතුරු වාර්තාව එයි !

රිෂාඩ් බදුයුදීන් අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය විවාදයට ගැනීමට පෙර ඒ ගැන සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ අතුරු වාර්තාව නිකුත් කිරීමට එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව තීරණය බව වාර්තා වෙයි.

මේ බව විශ්වාසභංග විවාදය ගැන තීන්දුවක් ගැනීම සඳහා පවත්වන ලද විශේෂ පක්ෂ නායක රැස්වීමේදී ද අනාවරණය වී තිබේ.

ඒ විශ්වාසභංග විවාදය සඳහා ඉතා ඉක්මන් දිනයක් ලබාදෙන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල වෙතින් ඉල්ලා සිටි අවස්ථාවේය.

එහිදී සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මේ බව පැහැදිළිව සඳහන් කර ඇත.

එසේම පසුගියදා අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ ද කතානායකවරයා වෙතින් ඉල්ලා සිටියේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ අතුරු වාර්තාව ඉදිරි සති දෙකක කාලය තුළ ලබාදෙන ලෙසය.

තේරීම් කාරක සභා අතුරු වාර්තාවෙන් පසු ජුනි 18-19 යන දෙදින තුළ විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට රජය එකඟවී ඇත්තේද ඒ අනුවය.

(News Tube)