රනිල්ගෙන් පසු ශ්‍රී ලංකාවේ භාර කාරයා එළියට එයි
එලැඹෙන නොවැම්බර් 02 පොහොට්ටුවේ පක්ෂ සම්මේලනය පැවැත්වීමට මේ වන විටත් සියල්ල සූදානම් වෙමින් පවතී. මෙවර සම්මේලනයේදී නව නිලධාරී මණ්ඩලයක් පත් කර ගැනීමට සැලසුම් කර ඇති අතර පක්ෂ සභාපති ලෙස නැවතත් මහින්ද රාජපක්ෂ පත් කරගැනීමටත් පක්ෂයේ ජාතික සංවිධායක ලෙස නාමල් රාජපක්ෂ පත් කිරීමට යන බව වාර්තා වේ.
මෙවර බැසිල් රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ කිසිදු තනතුරක් ලබා නොගන්නා බවද කියවේ. එමෙන්ම සර්වපාක්ෂික ආණ්ඩුවේද නාමල් කිසිදු තනතුරක් ලබා නොගෙන පොහොට්ටුව හදන වැඩේට මේ වනවිට ලොකු බරක් තබා කටයුතු කරන බව පැවසේ.
නාමල් මේ සියලු දේ කරනුයේ 2030 දී ජනාධිපතිවරණ සටන ඉලක්ක කරගෙන බවද පැවසේ. නාමල් සිය ජනාධිපති සිහිනය සැබෑ කරගැනීමට මේ වනවිටත් තවත් යෝධ පිම්මක් තබා ඇති බවද වාර්තා වේ. ඒ 2024 දී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ නැවතත් ජනාධිපති කරවිය යුතු යැයි යන හඬ පොහොට්ටුව තුළ මහ හඬින් නැගීම මගිනි.
Aruna