Saturday, January 10, 2026
Follow Us
සජබ 20 ක් රනිල්ට කිට්ටු වෙති

සමගියේ දකුණු අතත් රනිල්ට ?


මද්දුමබණ්ඩාර ඇතුළු මන්ත්‍රීවරු රැසක් ආණ්ඩුවට එක් වන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ඊයේ (17දා) දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

ආණ්ඩුවට එක් වීමට බලාපොරොත්තු වන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිස පහළොවක් විස්සක් අතර වෙති. මෙම මන්ත්‍රීවරු අතර සාමාජික පක්ෂවල නායකයන් හා ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු සිටීමද විශේෂත්වයි. මෙම මන්ත්‍රීවරු පසුගිය දිනෙක රහසිගත සාකච්ඡාවක් පවත්වා මෙම තීරණය ගෙන තිබේ. ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡා කර ඇත.

කෙසේ වෙතත් පක්ෂ මහ ලේකම්වරයාගේ දැනුම් දීමෙන් පසු විපක්ෂ නායකවරයා අද (18දා) පෙරවරුවේ මන්ත්‍රීවරුන් කැඳවා සාකච්ඡාවක් පැවැත්වීමට ද සැලසුම් කර තිබේ.

Aruna