හිටපු ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා දිවයිනට පැමිණෙන දිනය මෙතෙක් තහවුරු කර නොමැති බව ඔහුගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර පවසනවා. ලබන 24 වනදා හිටපු ජනාධිපතිවරයා දිවයිනට පැමිණෙන බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග ඊයේ ප්‍රකාශ කළා.
ඒ, ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ මිග් යානා ගණුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් කළ විමසීමකදීයි. කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදී සුගීෂ්වර බණ්ඩාර පැවසුවේ හිටපු ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා දිවයිනට පැමිණෙන දිනය මෙතෙක් තහවුරු කර නොමැති බවයි.
ඉකුත් 09 වනදා පැවති නොසන්සුන්තාවයෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා සිංගප්පූරුව බලා පිටත්ව ගියා. ඉන් අනතුරුව ඔහු තායිලන්තය බලා පිටත්ව ගිය අතර ජනාධිපතිවරයා මේ වනවිටත් තායිලන්තයේ රැදී සිටිනවා.
Neth